ආර්ථික ඩයිනමෝව ශක්තිමත් කරනවා - සජිත්

ආර්ථික ඩයිනමෝව ශක්තිමත් කරනවා - සජිත්

August 31, 2024   01:58 pm

සිය රජයක් තුළ කර්මාන්තකරුවන් නගාසිටුවමින් මෙරට ආර්ථික වැඩපිළිවෙළ ශක්තිමත් කිරීමට පියවර ගන්නා බව, සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

පූගොඩදී පැවති ජන රැලියකදී සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළ කළේය. 

ජනාධිපතිවරණය වෙනුවෙන් සමගි ජන බලවේගය පවත්වන ජන රැලි මාලාවේ 25 වැනි රැළිය පූගොඩදී මෙලෙස පැවැත්වුණි.

එහිදී අදහස් දැක්වූ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා,

"කොමිස් දේශපාලනය සම්පූර්ණයෙන් ඉවත් කරනවා. ළඟදීම ඔබලාගේ නිවෙස්වලට මේ වැඩසටහන අපි රැගෙන එනවා. මේ රටේ ආර්ථික ඩයිනමෝව ශක්තිමත් කරනවා."