බ්‍රසීලය X සමාජ මාධ්‍ය ජාලය අත්හිටුවයි

බ්‍රසීලය X සමාජ මාධ්‍ය ජාලය අත්හිටුවයි

August 31, 2024   04:11 pm

ඊලොන් මස්ක් ට අයත් එක්ස් (X) සමාජ මාධ්‍ය ජාලය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට බ්‍රසීල ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.

එක්ස් සමාජ මාධ්‍ය ජාල ගිණුම් හරහා අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන බවට චෝදනා කරමින් බ්‍රසීල ශ්‍රේෂ්ඨාධිකරණය  X සමාගමට නියෝග කළේ බ්‍රසීලයට නව නීතිමය නියෝජිතවරයෙකු පත්කරන ලෙසටය.

කෙසේ වුවද එම නියෝගය නියමිත කාලසීමාව තුළ සපුරාලීමට එක්ස් සමාගම අපොහොසත් වීමෙන් එරට ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ගෙන තිබේ.