සර්වජන අපේක්ෂක දිලිත් ගේ උපාය මාර්ගික සැලැස්මේ රාජ්‍ය සේවයට සුවිශේෂී වෙනස්කම්

සර්වජන අපේක්ෂක දිලිත් ගේ උපාය මාර්ගික සැලැස්මේ රාජ්‍ය සේවයට සුවිශේෂී වෙනස්කම්

August 31, 2024   04:43 pm

සර්වජන අපේක්ෂක දිලිත් ජයවීර මහතාගේ ජනාධිපතිවරණය සඳහා වූ උපාය මාර්ගික සැලැස්ම අද (31) එළිදැක්විණි.

එහි රාජ්‍ය සේවය කලමණාකරණය සඳහා ගන්නා පියවර සම්බන්ධයෙන් විශේෂ ස්ථානයක් ලබාදී තිබුණි.

රාජ්‍ය පරිපාලනය සහ කළමනාකරණය - ‘සුහුරු පාලනයක්’

  1. කුසලතාවට මුල්තැන
  2. සැමට සම පරිපාලන ඒකක
  3. ඒකාබද්ධ රාජ්‍ය සේවා වේදිකා
  4. යාවත්කාලීන කළ වැටුප්
  5. ඩිජිටල් සහායෙන් සීමා නිර්ණය කිරීම

සුහුරු පාලනය අනිවාර්ය අංගයක් බවට පත්වන උසස් තාක්ෂණික ප‍්‍රවේශයක් සමගින් ව්‍යවසායකත්ව රාජ්‍යයට සහාය වීම සඳහා ශක්තිමත් පරිපාලන පද්ධතියක් ගොඩනැගීම මින් සිදු කෙරේ.

රාජ්‍ය සේවයේ වැටුප් තීරණය කිරීම ජාතික මානව සම්පත් අධිකාරියේ නිර්දේශ අනුව පමණක් සිදු කිරීම.

රාජ්‍ය සේවයට බඳවා ගැනීම දේශපාලන මැදිහත්වීමෙන් තොරව කුසලතා මත පදනම් ව විභාග ක‍්‍රමයකින්
පමණක් සිදුකිරීම.

වැඩි විස්තර පහතින්,

ජාතික උපාය මාර්ගික සැලැස්ම by poornima on Scribd