මැතිවරණ පැමිණිලි 1500 ඉක්මවයි

මැතිවරණ පැමිණිලි 1500 ඉක්මවයි

August 31, 2024   05:15 pm

ජනාධිපතිවරණයට අදාළ ව මැතිවරණ කොමිෂන් සභාව වෙත ලැබී ඇති පැමිණිලි තවදුරටත් ඉහළ ගොස් තිබේ.

එම කොමිසම නිවේදනයක් නිකුත් කරමින් දක්වා ඇත්තේ පසුගිය ජූලි 31 වැනිදා සිට ඊයේ (30) දින දක්වා ලැබී ඇති මුළු මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව 1592 දක්වා ඉහළ ගොස් ඇති බවය.

ලැබී ඇති මුළු පැමිණිලි සංඛ්‍යාවෙන් වැඩිම පැමිණිලි ප්‍රමාණයක් ලැබී ඇත්තේ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධව වන අතර එම පැමිණිලි සංඛ්‍යාව 1526කි.

ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධව පැමිණිලි 08ක් සහ වෙනත් පැමිණිලි 58ක් ද වාර්තා වූ බව මැතිවරණ කොමිසම එම නිවේදනයේ සඳහන් කර තිබේ.