කරන්දෙනිය සුද්දාගේ ගෝලයෙක් අත්අඩංගුවට
September 1, 2024 08:34 am
සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන කරන්දෙනිය සුද්දාගේ ගෝලයෙකු හා තවත් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඔවුන් සතුව තිබී හෙරොයින් හා ගිනි අවියක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ගේ භාරයට ගෙන ඇත.
විශේෂ කාර්ය බළකාය විසින් ඇල්පිටිය පොලිස් වසමේ වතුරවිල හන්දියේ දී ඊයේ සිදුකළ වැටලීමක් අතරතුරදී ඔවුන්ව අත්අඩංගුවට ගෙන තිබුණි.
එහි දී හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 01, මිලි ග්‍රෑම් 200ක් සිය සන්තකයේ තබාගෙන සිටීම හා ගිනිඅවි ළඟ තබා ගැනීමට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් එම පුද්ගලයින් දෙදෙනා ව අත්අඩංගුවට ගෙන තිබේ.