දික්කසාද බිරිඳ ව ඝාතනය කළ ශ්‍රී ලාංකිකයා ට එරෙහිව දුවයි පුතයි දුන් සාක්ෂිය 

දික්කසාද බිරිඳ ව ඝාතනය කළ ශ්‍රී ලාංකිකයා ට එරෙහිව දුවයි පුතයි දුන් සාක්ෂිය 

September 1, 2024   10:53 am

ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයට ආසන්න සෑන්ඩ්හර්ස්ට් ප්‍රදේශයේදී සිය දික්කසාද බිරිඳව කපාකොටා ඝාතනය කළ ශ්‍රී ලාංකිකයෙක් ව එරට අධිකරණයක් මගින් වැරදිකරු බවට නියෝග කර තිබේ.

47 හැවිරිදි දිනේෂ් කුරේරා අධිකරණයේදී පවසා තිබුණේ තම ආරක්ෂාව සඳහා තමා කටයුතු කළ බවයි.

නමුත් ජූරිය එම ප්‍රකාශය පිළිගෙන නොතිබුණි.
   
වික්ටෝරියා ප්‍රාන්ත ශ්‍රේෂ්ඨාධිකරණය සිකුරාදා (30) එම නියෝගය නිකුත්කර තිබුණි.

2022 වසරේ දෙසැම්බර් 3 වනදා නිලෝමී පෙරේරා ට නිවස තුළදීම පහරදී ඇති අතර කුරේරා තමා එම ඝාතනය සිදුකළ බවට පිළිගත්ත ද ඔහු පවසා තිබුණේ සිය ජීවිත ආරක්ෂාව සඳහා ඔහු එවැන්නක් කළ බවයි.
 
ඔහු නඩු විභාගයේදී පවසා ඇත්තේ සිය දික්කසාද බිරිඳ තමාට පිහියක් එල්ලකර තර්ජනය කළ බවත් තමාගේ ඇඟිල්ලක් හැපූ බවත් ය.
 
ඇය තමාට පහරදෙතැයි ඇතිවූ බිය නිසා පොරොවකින් ඇයට පහර කිහිපයක් එල්ලකළ බව කුරේරා අධිකරණයේදී පැවසීය.

නමුත් රජයේ නීතිඥයින් පැවසුවේ එම කාන්තාවගේ සිරුරේ තුවාල 35ක් පමණ තිබු බවයි.

මව සහ පියා ගේ ගැටුම ඔවුන්ගේ දියණිය සහ පුත්‍රයා දැක ඇති අතර පුත්‍රයා ආධාර ඉල්ලා කෑ ගසන අතරතුර කුරේරා ඔහුට ද පහරදීමට උත්සාහ දරා ඇති බව අධිකරණයේදී හෙළිවිය.

16 හැවිරිදි දියණිය සහ 17 හැවිරිදි පුත්‍රයා ද අධිකරණයේදී සාක්ෂි ලබාදී තිබේ. තම පියා මවට පහරදුන් ආකාරය ඔවුන් විස්තර කර තිබුණි.