බස් ගාස්තුව අඩු කරයිද ?

බස් ගාස්තුව අඩු කරයිද ?

September 1, 2024   07:59 pm

ඉන්ධන මිල සංශෝධනයට සමගාමීව බස් ගාස්තු අඩු කරන්නේද නැත්ද යන්න සම්බන්ධයෙන් වන තීරණය තීරණය හෙට (02) දිනයේ දී ප්‍රකාශයට පත්කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ශෂී වෙල්ගම මහතා පවසයි.

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේ වසර ගණනාවත් පුරා මිල සූත්‍රයක් යටතේ බස් ගාස්තු තීරණය කරන බවත් බස් ගාස්තු පිළිබඳ ජාතික ප්‍රතිපත්තියේ මූලධර්ම අනුව එහිදී ක්‍රියා කරන බවයි.

එම නිසා ඉන්ධන මිලේ සිදු වූ රුපියල් 10ක වෙනස, 4% ප්‍රතිශතයට ප්‍රමාණවත් නොවන බැවින් මෙවර බස් ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය. 

මේ අතර ඉන්ධන මිල අඩු කෙරුණ ද මෙවර බස් ගාස්තු සහ ත්‍රිරෝද රථ ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව වෘත්තිය සංගම් පවසයි.