බිරිඳට මරු කැඳවූ සැමියාගේ මාරාන්තික ප්‍රහාරය

බිරිඳට මරු කැඳවූ සැමියාගේ මාරාන්තික ප්‍රහාරය

September 3, 2024   07:26 am

අවිස්සාවේල්ල, ගැටහැත්ත ප්‍රදේශයේ දී සැමියා විසින් බිරිඳට පොරවකින් පහරදී ඝාතනය කර තිබේ.

ඊයේ (02) සවස් කාලයේදී එම ඝාතනය සිදුකර ඇති බව පොලීසිය පවසයි.

එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ, දිවුරුම්පිටිය, ගැටහැත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 43 හැවිරිදි කාන්තාවකි.

මරණකාරිය සහ සැකකරු අතර පැවති පවුල් ආරවුලක් හේතුවෙන් ඝාතනය සිදුව ඇති බවට අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි.

ඝාතනය සම්බන්ධ සැකකාර සැමියා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, අවිස්සාවේල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.