දිලිත්ගෙන් වතු ජනතා වැටුපට සැලැස්මක්

දිලිත්ගෙන් වතු ජනතා වැටුපට සැලැස්මක්

September 3, 2024   01:02 pm

වතු කම්කරුවන්ගේ දෛනික අවම වැටුප රුපියල් 2,000ක් දක්වා වැඩිකළ හැකි උපාය මාර්ගික වැඩපිළිවෙලක් තමන් සතු බව සර්වජන අපේක්ෂක, ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි.

මව්බිම ජනතා පක්ෂයේ කෑගල්ල දිස්ත්‍රික් ආසන සංවිධායකවරුන්ට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම ඊයේ (02) සිදුකෙරුණි.

ඒ , එම පක්ෂයේ නායක සහ සර්වජන අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ ප්‍රධානත්වයෙනි.

එම අවස්ථාවේ දී වැඩිදුරටත් අදහස් දක්වමින් දිලිත් ජයවීර මහතා සඳහන් කළේ, වතු ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කරලීමටනම් වතුකරයේ සාම්ප්‍රදායික දේශපාලන කඳවුරු බිඳ දැමිය යුතු බවය.

"අපි යෝජනා කරන්නේ ලංකාවේ, ප්‍රධානම අපනයනයක් වන තේවලට රජයේ සහයෝගයක් ලබාදිය යුතුයි. වතු සමාගම්වලට දරාගන්න බැරි කොටස රජය විසින් දරාගන්න ඕනේ. ඒ සඳහා ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමා තේ අපනයනය කරන කොට ඒ ගන්නා ලද ආදායම තේ දළු කඩන දෑතට ඒ ආදායම යන්න ඕනේ. ඒ නිසා අපි යෝජනා කරනවා ඒ වැඩපිළිවෙලක් සහ ඉලක්ක ගත සහනාධාර ක්‍රමයකින් ඔවුන් පවුල්වලට මෙන්න මේ ආදායම ලැබෙනවා කියන ක්‍රමයක්. ඒ නිසා තවදුටත් වතුකරයේ ඒ අහිංසක ජනතාව දේශපාලඥයා පස්සෙන් යන්න ඕනේ නෑ මේ ක්‍රමවේදය තුළ. දේශපාලන පක්ෂ නායකයෝ පස්සෙන් යන ක්‍රමවේදය හදලා තියෙන්නේ ම ඒ දේශපාලනය දුවන්න. ශ්‍රමිකයා බේරගන්න නෙමෙයි. ඒ නිසා වතුකරයේ බලකඳවුරු කඩන්න ඕනේ. නව නායකත්වයක් හදලා. අපිට පොරොන්දු වෙන්න පුළුවන් රු 2,000ක් අනිවාර්යයෙන්ම දෙනවා කියලා."