බදු එකතු කළ කල්ලියේ කිහිපදෙනෙක් අත්අඩංගුවට

බදු එකතු කළ කල්ලියේ කිහිපදෙනෙක් අත්අඩංගුවට

September 3, 2024   10:16 pm

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් බදු මුදල් එකතු කළ කණ්ඩායමේ කිහිපදෙනෙකු මේ වනවිට පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ඩබ්. ඒ. සේපාලිකා චන්ද්‍රසේකර මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් මේ බව පැවසීය.

මෙම වංචනික පුද්ගලයන් වෙත මුදල් ගෙවන ලද හෝ ඔවුන්ගේ ස්ථානීය පරීක්ෂාවන්ට ලක්වී සිටින බදු ගෙවන්නන්ගේ තොරතුරු නීතිමය කටයුතු සඳහා අවශ්‍ය කර තිබෙන බැවින් ඒ පිළිබඳව වහාම ආසන්නතම පොලිස් ස්ථානය වෙත පැමිණිලි ගොනු කරන ලෙස ඇය එම නිවේදනයෙන් වැඩිදුරටත් දැනුම්දී තිබේ.