ජනපතිට සහාය පළ කරන පොදුජන එක්සත් නිදහස් පෙරමුණ එළිදකී

ජනපතිට සහාය පළ කරන පොදුජන එක්සත් නිදහස් පෙරමුණ එළිදකී

September 5, 2024   11:36 am

මෙවර ජනාධිපතිවරණයේදි රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරන පක්ෂ සියල්ල එකතුව ගොඩනැගු "පොදුජන එක්සත් නිදහස් පෙරමුණ" එළිදැක්වීම අද සිදුකෙරුණි.

සන්ධානය එළිදැක්වීමේ උත්සවය අද (05) පෙරවරුවේ බත්තරමුල්ල වෝටර් එජ් හෝටලයේදි පැවැත් වුණි.

ඒ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙනි.

ඉන් අනතුරුව කුසලානය ලකුණනින් යුත් "පොදුජන එක්සත් නිදහස් පෙරමුණ" නමින් නව පෙරමුණ එළිදැක්වුණි.

එහිදී එම පෙරමුණට එක්වූ පක්ෂ වන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, මහජන එක්සත් පෙරමුණ, එක්සත් මහජන පක්ෂය, ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂය, තමිල් මක්කල් විඩුදලයි පුළිකල් ජාතික කොංග්‍රසය, එක්සත් ජනතා පක්ෂය, ජාතික සමගි පෙරමුණ, දේශප්‍රේමි ජනතා බලවේගය යන පක්ෂ වේ.

එහි නායකත්වය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් හොබවන අතර ලේකම් ලෙස අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පත් කර තිබේ.