උසස් සමාජ වෙළෙඳපොළ ආර්ථිකයක් කරා සමගි ජන සන්ධානයේ Blueprint 3.0 එළිදකී

උසස් සමාජ වෙළෙඳපොළ ආර්ථිකයක් කරා සමගි ජන සන්ධානයේ Blueprint 3.0 එළිදකී

September 5, 2024   03:51 pm

ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු සමගි ජන සන්ධානය විසින් සිය ආර්ථික දැක්ම ඇතුළත් Blueprint 3.0 ඊයේ (04) සන්ධ්‍යාවේ කොළඹ දී එළිදක්වන ලදී.

සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම ඉසව්වවේ දී සමගි ජන බලවේගයේ ආර්ථික විද්‍යා ඒකකය නියෝජනය කරමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආචාර්ය හර්ෂ ද සිල්වා, කබීර් හෂීම් සහ එරාන් වික්‍රමරත්න යන මහත්වරුන් විසින් මෙම BLUEPRINT 3.0 හි අන්තර්ගතය පිළිබඳව කරුණු දැක්විය.

‘BLUEPRINT 3.0 - උසස් සමාජ වෙළෙඳපොළ ආර්ථිකයක් කරා‘ යනුවෙන් නම් කර ඇති මෙම ලේඛනය හරහා ප්‍රධාන ප්‍රතිපත්ති කාණ්ඩ 10 ක් යටතේ සිය ආර්ථික ප්‍රවේශය ඉදිරිපත් කිරීමට සමගි ජන සන්ධානය පියවර ගෙන ඇත.

1. විනිවිදභාවය සහ වගවීම

2. ස්වෛරී ණය අර්බුදය කළමනාකරණය කිරීම

3. මූල්‍ය සහ විනිමය අනුපාතික ප්‍රතිපත්තිය

4. ආදායම් ඒකාබද්ධකරණය

5. වියදම් පාලනය

6. වර්ධනය දිරිමත් කිරීම

7. රාජ්‍ය අංශය කළමනාකරණය සහ ඩිජිටල්කරණය

8. බලශක්ති සහ උපයෝගීතා ප්‍රතිසංස්කරණ

9. සාධක වෙළෙඳපොළ ප්‍රතිසංස්කරණ

10. ශක්තිමත් සමාජ ආරක්ෂණ ජාලය

එම දසවැදෑරුම් ප්‍රතිපත්ති කාණ්ඩ වේ.

වැඩි විස්තර පහතින්,

උසස් සමාජ වෙළෙඳපොළ ආර්ථිකයක් කරා සමගි ජන සන්ධානයේ Blueprint 3.0 එළිදකී by poornima on Scribd