මියන්මාරයේ සයිබර් අපරාධ සඳහා යොදවා සිටි පිරිසක් දිවයිනට

මියන්මාරයේ සයිබර් අපරාධ සඳහා යොදවා සිටි පිරිසක් දිවයිනට

September 6, 2024   03:01 pm

මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරු තුළ බලහත්කාරයෙන් රඳවා සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් දිවයිනට ගෙන්වාගෙන තිබේ.

ඊයේ (05) රාත්‍රියේ දී ඔවුන් මෙලෙස කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණි.

මෙම පිරිස අතර පිරිමි 16ක් සහ කාන්තාවන් 4 දෙනෙක් සිටියහ.

ජාත්‍යන්තර සංක්‍රමණිකයන් සඳහා වූ ආයතනය මෙම පිරිස මෙරටට ගෙන්වා ගැනීම සඳහා මැදිහත්ව තිබුණි.

මොවුන් මියන්මාරයේ සිට තායිලන්තය වෙත රැගෙන විත් පසුව මෙරටට රැගෙන විත් තිබේ.

ආගමන විගමන දෙපාර්තමේන්තුව සහ පොලීසිය ඔවුන්ගේ තොරතුරු සටහන් කර ගැනීමෙන් අනතුරුව ඔවුන්ව විමර්ශන සිදු කිරීමේ අපේක්ෂවා මත පිරිස නිවෙස් කරා පිටත් කර හැරීමට පියවර ගෙන තිබුණි.