කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

September 6, 2024   03:08 pm

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය  තව ස්වල්ප මොහොතකින් එංගලන්තයේ ඕවල් ක්‍රීඩාංගනයේදී ආරම්භ වේ. 

එහි කාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.

ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුවට පහරදීමේ අවස්ථාව එංගලන්ත කණ්ඩායමට ලබා දීමටය.

අද තරගය සදහා ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් දෙකක් සිදුකර තිබේ.

ඒ වමතින් දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රබාත් ජයසූරිය සහ ආරම්භක පිතිකරු නිශාන් මදුෂ්ක වෙනුවට විශ්ව ප්‍රනාන්දු සහ කුසල් මෙන්ඩිස් කැඳවීමෙනි. 

ඒ අනුව ධනංජය ද සිල්වාගේ නායකත්වයෙන් යුත් තෙවැනි ටෙස්ට් තරගය සඳහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම ලෙස නම් කර ඇත්තේ දිමුත් කරුණාරත්න, පැතුම් නිශ්ශංක, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝමැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, , කමිඳු මෙන්ඩිස්, මිලාන් රත්නායක, විශ්ව ප්‍රනාන්දු, ලහිරු කුමාර සහ අසිත ප්‍රනාන්දු යන ක්‍රිඩකයනුයි.

මේ අතර එංගලන්ත කණ්ඩායමේ ද එක් වෙනස්කමක් සිදුකර ඇත.

ඔවුන් මැතිව් පොට්ස් වෙනුවට වමතින් වේගපන්දු යවන ක්‍රීඩක ජෝෂ් හල් කැඳවා තිබේ.