සජිත් - දිලිත් - නාමල් සහ අරියනේත්‍රන් එක් වන විවාදය

සජිත් - දිලිත් - නාමල් සහ අරියනේත්‍රන් එක් වන විවාදය

September 7, 2024   03:43 pm

2024 ජනාධිපතිවරණය වෙනුවෙන් ඉදිරිපත්වී සිටින අපේක්ෂකයින් සඳහා වූ පොදු වේදිකාව සජීවී විකාශය මේ වනවිට ආරම්භ වී තිබේ.

විවාදය පැවැත්වෙන්නේ ජනාධිපති ධුර අපේක්ෂකයින් වන සජිත් ප්‍රේමදාස, දිලිත් ජයවීර, නාමල් රාජපක්ෂ සහ පී. අරියනේත්‍රන් යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙනි.

අද පස්වරු 3 සිට 5 දක්වා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී මෙම විවාදය ටී.වී.දෙරණ සහ අද දෙරණ 24 නාලිකා ඔස්සේ ඔබට සජීවීව නැරඹිය හැකිය.

තවද Ada Derana යූ ටියුබ් නාලිකාවෙන් සහ Ada Derana ෆේස්බුක් ඔස්සේ ද එම විවාදය සජීවීව විකාශය කෙරේ.

2024 ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ප්‍රධාන අපේක්ෂකයින් කිහිපදෙනා අතර විවාදයක් පැවත්වීමට මාර්තු 12 ව්‍යාපාරය සැලසුම් කළේ ජනාධිපතිවරණ අපේක්ෂයින්ට තම අනාගත වැඩපිළිවෙළ ජනතාවට ඉදිරිපත් කිරීම සඳහාත් ජනතාවට සුදුසු අපේක්ෂකයෙකු තෝරාගැනීම පහසු කිරීමත් සඳහාය.

මෙහිදී අපේක්ෂකයින්ට විවාදය ආරම්භයේදී සහ අවසානයේදී තම අභිමතය පරිදි ජනතාවට පණිවුඩයක් ලබාදිය හැකි අතර තෝරාගත් ක්ෂේත්‍ර කිහිපයකට අදාළව ඔවුන්ට ප්‍රශ්න යොමු කෙරෙයි.

එම විවාදයේ සජීවී දර්ශන ඉහතින් නරඹන්න...