පොළොන්නරුවේ වෙළෙඳසැලක ගින්නක් 

පොළොන්නරුවේ වෙළෙඳසැලක ගින්නක් 

September 7, 2024   10:59 pm

පොළොන්නරුව කදුරුවෙල මාර්ගයේ වෙළඳ සංකීර්ණයේ වෙළඳසැලක ගින්නක් හට ගෙන තිබේ.

අද (07) පස්වරුවේ මෙම ගින්න හට ගෙන ඇත.

ගිනි නිවීමේ හමුදාවේ පොළොන්නරුව එකකය විසින් මේ වන විට ගිනි නිවීමේ රථ 3ක් ගින්න මැඩ පැවැත්වීම සඳහා යොදවා ඇති බවත් පැවසීය. 

හමුදාව, පොලීසිය සහ ගුවන් හමුදාව එක්ව ගින්න පැතිරීම වැළැක්වීම සඳහා උත්සාහ ගනිමින් සිටින අතර මේ වන විට ගින්න බොහෝ සෙයින් මැඩ පැවැත්වීමට හැකිවී ඇති බවද පොලීසිය පවසයි. 

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

මේ හේතුවෙන් මඩකලපුව -පොලොන්නරුව මාර්ගයේ කොටසක් වසා දැමීමට පියවර ගෙන ඇති නමුත් ගමනාගමනය සඳහා බාධාවක් නොමැති බවත් පොලීසිය පවසයි.