බිරිඳව ඝාතනය කළ සැමියා සියදිවි නසාගනී

බිරිඳව ඝාතනය කළ සැමියා සියදිවි නසාගනී

September 8, 2024   06:55 am

සැමියා විසින් තියුණු ආයුධයකින් පහරදී බිරිඳ ඝාතනය කර ඔහුද ගෙල වැලලාගෙන සියදිවි නසාගෙන තිබේ.

ඊයේ (07) එම සිදුවීම වාර්තා වී තිබුණේ මිහින්තලය පොලිස් වසමේ කුංචිකුලම ප්‍රදේශයෙනි.

එලෙස මියගොස් ඇත්තේ, කුංචිකුලම, මිහින්තලය ප්‍රදේශයේ පදිංචිව සිටි 61 හැවිරිදි පුද්ගලයෙකු හා 56 හැවිරිදි කාන්තාවකි.

මෙම දෙදෙනා අතර නිතර ආරවුල් ඇතිවී ඇති බවත් පසුගිය 06 වනදා රාත්‍රි කාලයේදී ඔවුන් අතර ඇතිවූ ආරවුලකදී සැමියා විසින් එම ඝාතනය සිදුකර ඔහුද සියදිවි නසාගෙන ඇති බව පොලීසිය විසින් සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත.

ඝාතනය සඳහා යොදාගත් පොරවක් අපරාධය සිදුවූ ස්ථානයේ තිබියදී පොලීසිය විසින් සොයාගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් මිහින්තලය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.