පවුල් ආරවුල ඝාතනයකින් කෙළවර වෙයි

පවුල් ආරවුල ඝාතනයකින් කෙළවර වෙයි

September 8, 2024   10:30 am

සැමියා සමග ඇතිවූ ආරවුලක් අතරතුර බිරිඳ විසින් යකඩ පොල්ලකින් පහරදී සැමියා ඝාතනය කර තිබේ.

ඊයේ (08) උදෑසන කාලයේදී එම සිදුවීම වාර්තා වී තිබුණේ තෙල්දෙණිය පොලිස් වසමේ උඩගම්මැද්ද ප්‍රදේශයෙනි.

එලෙස මියගොස් ඇත්තේ, උඩගම්මැද්ද, ගොමගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 62 හැවිරිදි පුද්ගයෙකි.

ඝාතනය සඳහා යොදාගත් යකඩ පොල්ල සඟවා තිබීයදී පොලීසිය විසින් සොයාගෙන ඇති අතර සැකකාර බිරිඳ ව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.