තැපැල් ඡන්ද පත්‍රිකාව ඡායාරූපගත කළ විදුහල්පතිවරයෙක් අත්අඩංගුවට

තැපැල් ඡන්ද පත්‍රිකාව ඡායාරූපගත කළ විදුහල්පතිවරයෙක් අත්අඩංගුවට

September 8, 2024   01:31 pm

තැපැල් ඡන්දය සලකුණු කළ පත්‍රිකාවක් ඡායාරූප ගත කිරීමේ චෝදනාවකට මුලතිව් ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මුලතිව් අධ්‍යාපන කාර්යාලයේ සහතික කිරීමේ නිලධාරියා ලෙස කටයුතු කළ විදුහල්පතිවරයෙකු එලෙස අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පැවසීය.

අදාළ විදුහල්පතිවරයා පසුගිය 06 වනදා මුලතිව් අධ්‍යාපන කාර්යාලයේ දී තැපැල් ඡන්දය භාවිත කරන අතරතුර ඡන්ද පත්‍රිකාවේ ඡායාරූපයක් ගෙන ඇති බව මුලතිව් පොලීසිය සඳහන් කළේය.

ඔහු විසින් ඡන්ද පත්‍රිකාව ඡායාරූප ගත කරන අයුරු නිරීක්ෂණය කළ මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන් අදාළ විදුහල්පතිවරයාගේ ජංගම දුරකථනය පරික්ෂාවට ලක් කර තිබුණි.

ඒ සම්බන්ධයෙන් මුලතිව් පොලීසිය දැනුවත් කිරීමෙන් පසු ඊයේ දිනයේ දී අදාළ විදුහල්පතිවරයා මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් බව මුලතිව් පොලීසිය සඳහන් කළේය.