මැතිවරණ පැමිණිලි තවත් ඉහළට

මැතිවරණ පැමිණිලි තවත් ඉහළට

September 8, 2024   03:28 pm

ජනාධිපතිවරණයට අදාළ ව තවත් පැමිණිලි 209ක් වාර්තා වූ බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එම කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් දක්වා ඇත්තේ ගතවූ පැය 24ක කාලය තුළ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධව පැමිණිලි 204ක් සහ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධව පැමිණිලි 02ක් වාර්තා වූ බවය.

වෙනත් පැමිණිලි 03ක්ද වාර්තා වී ඇති බවත් එම නිවේදනයේ සඳහන් ව තිබේ.

මේ අනුව පසුගිය ජූලි 31 වැනිදා සිට මේ දක්වා සමස්ත මැතිවරණ පැමිණිලි 2863ක් වාර්තා වී ඇති බව එම නිවේදනයේ සඳහන් ව තිබේ.

මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධව පැමිණිලි 2775ක්, ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධව පැමිණිලි 23ක් සහ වෙනත් පැමිණිලි 65ක් ඒ අනුව වාර්තා වී තිබේ.

ලැබී ඇති පැමිණිලිවලින් 2113ක් විසඳා ඇති බවත් මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන්ව තිබේ.