ගෙයින් ගෙට යා හැකි පිරිස් ගණන ගැන දැනුම්දීමක්

ගෙයින් ගෙට යා හැකි පිරිස් ගණන ගැන දැනුම්දීමක්

September 8, 2024   05:25 pm

ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින් ප්‍රවර්ධනය කිරීම සඳහා නිවෙස් වෙත යාමට හැකියාව ඇත්තේ පුද්ගලයින් පස්දෙනෙකුට පමණක් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා පවසයි.

අද (08) පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ඔහු පැවසුවේ නිවෙස් වෙත ගොස් අත්පත්‍රිකා බෙදීමේදී පෙළපාලි වශයෙන් ගමන් කිරීමට නීතියෙන් අවසර ලබා දී නැති බවය.

ඒ අනුව පස් දෙනෙකුට නොවැඩි කණ්ඩායමකට පමණක් නිවෙස් වෙත ගොස් අත් පත්‍රිකා බෙදීමට හැකියාව ඇති බව ඔහු පවසයි.

මේ අතර අපේක්ෂකයින් ප්‍රවර්ධනය සඳහා වාහනවල ස්ටිකර් ඇලවීම සම්බන්ධවද අද පැවති මාධ්‍ය හමුවේදී ඔහු කරුණු දැක්වීය.

ඒ අනුව වාහනවල ස්ටිකර් අලවා ප්‍රදර්ශනය කළ හැක්කේ මැතිවරණයට ඉදිපත්ව සිටින අපේක්ෂකයින්ට පමණක් බව ඔහු පවසයි.  

අදාළ අපේක්ෂකයාගේ වාහනය හැර අනෙකුත් සියලු වාහනවල ස්ටිකර් හෝ වෙනත් ප්‍රදර්ශන පත්‍ර ඇලවීම නීතිවිරෝධී බවත් ඔහු පැවසීය.