සරම් වාටියෙන් බන්ධනාගාරයට ගිය මත්කුඩු

සරම් වාටියෙන් බන්ධනාගාරයට ගිය මත්කුඩු

September 8, 2024   09:49 pm

කළුතර බන්ධනාගාරයට මත්කුඩු රැගෙන ගිය පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ලද තොරතුරක් මත සිදුකළ පරීක්ෂාවකදී අයිස් මත්ද්‍රව්‍ය සහ දුම්කොල තොගයක් සමග කළුතර අපරාධ කොට්ඨාසය විසින් මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.
 
එහිදී එක් සැකකරුවෙකු සිය සරම් වාටියේ හෙරොයින් මත්කුඩු සඟවා තිබියදී සොයාගනු ලැබීය.