දිලිත් ජනතාවට දුන් ප්‍රතිඥාව

දිලිත් ජනතාවට දුන් ප්‍රතිඥාව

September 9, 2024   10:19 am

ජනතාවට කිසිවිටෙකත් පසුතැවීමට ලක්නොවන දේශපාලනයක තමා නිරත වන බව සර්වජන ජනාධිපති ධුර අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි.

රට වැටී ඇති අර්බුදයෙන් ගොඩ ගැනීම සඳහා තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වු බව කුරුණෑගල ප්‍රදේශයේ පැවති ජනරැලියකට එක්වෙමින් දිලිත් ජයවීර මහතා සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු සර්වජන ජනාධිපති ධුර අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා.,

"මම දේශපාලනයට ආවේ නෑ දේශපාලනයෙන් හම්බ කරගන්න. දේශපාලනයෙන් යැපෙන්නට, සාම්ප්‍රදායික ලෙස දේශපාලනයෙන් වාහන ගන්න. මම අවේ මේ රට වැටෙන බව දැක්කම මේක රැක ගන්නට ඕනේ කියන චේතනාවෙන්. මම දන්වා මේ දිස්ත්‍රික්කයේ ඡන්දේ දිලා ආපු බොහෝ දෙනෙක් අද ගෙම්බන් සේ පැනලා තියෙන්නේ සමාන අදහස් තියෙන අයත් එක්ක එකතු වෙන්න නෙමෙයි සම්පූර්ණයෙන්ම ප්‍රතිවිරුද්ධ අදහස් තියෙන අයත් එක්ක එකතු කරන්න. වරදාන වලට තමන්ගේ ආත්ම ගෞරවය පාවාදුන්න පුද්ගලයෝ. මම ඔබට කියනවා අපි සමග හිටගත්තු කිසිම කෙනෙකුට කනස්සල්ලට පත් වෙන දේශපාලනයක් අපි කිසි දවසක නොකරන බවට. ඔබට ආඩම්බර වෙන්න පුළුවන් දේශපානයක් කනගාටු වෙන දේශපාලනයක් අපි කරන්නේ නෑ. ඒක තමයි අපි ඔබට කරන ප්‍රතිඥාව." 

"අපි ප්‍රතිපත්ති මත ඉන්නේ. අපි ආදරෙයි මේ රටට. ඒ ආදරේ වෙනුවෙනුයි අපි මේක කරන්නේ . ඒ නිසා ඔබ අපි සමග හිට ගන්න . අපි ඉදිරිත් කරලා තියෙනවා උපාය මාර්ගික වැඩපිළිවෙළක් . අපේ උපායමාර්ගික වැඩපිළිවෙලක් තුළ ඔබගේ ජීවිතය වෙනත් වන දිනය ඒක වෙනස් වෙන්නේ කොහොම ද ඔබගේ කුටුම්බයට ඔබගේ ගෙදරට අවම රුපියල් 100,000 ලැබෙන විදිය අපේ උපායමාර්ගික වැඩපිළිවෙළේ දාලා තියෙනවා."

"මේ රටේ තාරුණ්‍ය අභිප්‍රේරණය කරන්නේ කොහොමද මේ රට හැර යයි දැයි අපි විශ්වාස කෙරෙන අය අපි තියාගන්නට ඕනේ. තාරුණ්‍ය ය තියාගන්නට තීරු බදු රහිත වාහනයක් ලබා ගැනීමේ හැකියාව තහවුරු කෙරෙන අපි උපායමාර්ගික වැඩපිළිවෙළේ දාලා තියෙනවා. මෙවන් ඔබගේ ජීවිතය වෙනස් කෙරෙන අපි ඉන්න තුන්වෙනි ලෝකයෙන් කොහොමද පළමුවැනි ලෝකෙට යන්නේ කොහොමද කියන ඒ උපායමාර්ගික වැඩපිළිවෙළේ දාලා තියෙනවා. "