ඉන්ධන බවුසර් අනතුරින් 48ක් මරුට 

ඉන්ධන බවුසර් අනතුරින් 48ක් මරුට 

September 9, 2024   11:13 am

නයිජීරියාවේ, නයිජර් ප්‍රාන්තයේ සිදුවූ මාර්ග අනතුරකින් 48 දෙනෙක් මරුමුවට පත්වී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

එම අනතුර සිදුවී තිබුණේ මගීන් ප්‍රවාහන ලොරි රථයක් ඉන්ධන බවුසරයක ගැටීමෙනි.

අනතුරින් පසුව වාහන දෙකම ගිනිගෙන පුපුරාගොස් තිබුණි.

මාර්ගයේ ගමන්කරමින් තිබූ තවත් වාහන කිහිපයකට ද ඉන් හානි වී ඇති බව සඳහන් ය.

දුර්වල මාර්ග පද්ධති හේතුවෙන් නයිජීරියාවේ මෙවැනි අනතුරු බහුලව සිදුවෙයි.