ඡන්ද ලකුණට හරස් වූ මැතිවරණ නීතිය

ඡන්ද ලකුණට හරස් වූ මැතිවරණ නීතිය

September 9, 2024   03:36 pm

ස්වාධීන ජනාධිපතිධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාගේ ඡන්ද ලකුණ ප්‍රදර්ශනය කරමින් පෙළපාලියක් පවත්වමින් සිටි පුද්ගලයින් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ එය නීතිවිරෝධී මැතිවරණ ප්‍රචාරණයක් බව පවසමින් පුදුකුඩිඉරිප්පු පොලිසීය විසින් ඊයේ (08) එම පුද්ගලයින්ව අත්අඩංගුවට ගෙන ඇත.

මේ අතර ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිති බණ්ඩාර තෙන්නකෝන් මහතා සහ හිටපු අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා ඇතුළු 100කට ආසන්න පාක්ෂිකයින් පිරිසක් ඊයේ දඹුල්ල නගරයේ අත්පත්‍රිකා බෙදීමක නිරතවුණි.

පසුව එය මැතිවරණ නීතිය උල්ලංඝනය කිරීමක් බව පවසමින් පොලීසිය එය අත්හිටුවීමට කටයුතු කළේය.

පසුව අදාළ පිරිස විසිර ගියහ.