සැකකරුවන් සිව්දෙනෙක් ගැන පොලීසියෙන් දැනුම්දීමක්

සැකකරුවන් සිව්දෙනෙක් ගැන පොලීසියෙන් දැනුම්දීමක්

September 9, 2024   04:58 pm

පසුගිය මැයි මස 20 වනදා කළුතර දකුණ දුම්රිය පොළ පාර ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ සැකකරුන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහාය පතා තිබේ.

එම සිද්ධියට අදාළව සැකකරුවන් 7 දෙනෙකු මේ වනවිට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

එම සිද්ධියට අදාළ අනෙකුත් සැකකරුවන් සිව්දෙනා ඔවුන් පදිංචි ලිපිනයන් මඟහරිමින් සැඟව ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විමර්ශන පවත්වයි.

ඒ අනුව පහත සඳහන් තොරතුරුවලට අදාළ ව සැකකරුවන් සම්බන්ධව තොරතුරු දන්නේ නම් කළුතර දකුණ මූලස්ථාන පොලිස් පරීක්ෂක හෝ  කළුතර අපරාධ විමර්ශන අංශය අමතා දැනුම්වත් කරන ලෙසත් පොලීසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.