අනුරගෙන් රනිල්ට විවාදයකට ඇරයුමක්

අනුරගෙන් රනිල්ට විවාදයකට ඇරයුමක්

September 9, 2024   10:01 pm

රනිල් වික්‍රමසිංහ තමාගෙන් ප්‍රශ්න කළ සියලු කරුණු සඳහා පිළිතුරු ලබාදීමට තමන් සූදානම් බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

අද (09) ආණමඩුවේ පැවති ජන හමුවකදී ඔහු පැවසුවේ ඒ සඳහා විවෘත සංවාදයක් පැවැත්වීමට තමන් යෝජනා කරන බවයි.

"රනිල් වික්‍රමසිංහ දැන් එක එක ඒවා කියන්න පටන් අරන් තියනවා. මම දැක්කා හැම තැනම කියනවා අනුර මගේ යාළුවා, මා මිත්‍ර අනුර. ඔය එන්නේ මොකටද දන්නවාද ෂේප් වෙන්න. ඒවාට අහු වෙන්නේ නෑ අපි. එයා ආපහු කියනවා එයා මොනවාද ප්‍රශ්න වගයක් අහලා මට උත්තර දෙන්න කියලා. 

හිටිවන කවි මඩුව වගේ වේදිකාවෙන් වේදිකාවට බැරෑරුම් ප්‍රශ්නවලට උත්තර දෙන්න බෑ ඒ නිසා රනිල් වික්‍රමසිංහ ඉතා හොඳ විවෘත සංවාදයක් කරමු. අපි සූදානම් ඔයාගේ හැම ප්‍රශ්නයකටම එකින් එක උත්තර දෙන්න විතරක් නෙමෙයි ඔයාව ප්‍රශ්න කරන්නත්. 

එයා වැලිමඩ අහනවා මම ආණමඩුවේ උත්තර දෙනවා එහෙම වැඩක් තියනවාද? අපි එක තැන වාඩි වෙලා ඔයා අහන්න මම කියන්නම් මම අහන්නම් ඔයා කියන්න අන්න එහෙම විවාදයක් කරමු."