උතුර දකුණ මාරු වෙලා මේ ඔක්කොම එකයි - දිලිත්

උතුර දකුණ මාරු වෙලා මේ ඔක්කොම එකයි - දිලිත්

September 9, 2024   10:09 pm

සර්වජන ජනාධිපති ධුර අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ ජය තහවුරු කරන 'දිලිත් ගමට'  ජනරැලි මාලාවේ තවත් ජනරැලියක් අද (09) ඇහැළියගොඩදී පැවැත්වුණි.

එහිදී දිලිත් ජයවීර මහතා මෙසේ පැවසුවේය. 

"අනුර කුමාර බබා කිසිම කෘෂිකර්මාන්ත අමාත්‍යවරයෙකුට නොලැබුණු ආයතන චන්ද්‍රිකා මැතිණිය ගැසට් කළා ඔහු යටතේ. එයා ඇවිල්ලා කියනවා උනුත් එකයි මුනුත් එකයි කියලා. එයා කියන්නේ නෑ මමත් එකයි කියලා. දැන් කතා කරන්නේ කොහොමද මේ රටේ ඉතිහාසයේ හිටපු සියලුම දේශපාලනඥයන් මේකට වගකියන්න ඕන, හිටපු ඇමතිවරු ඔක්කොම වගකියන්න ඕන මං බබා...

මේ රටේ දූෂිතම ව්‍යාපාරය පවත්වාගෙන යන පක්ෂ අරමුදල් කියලා නමක් දාගෙන සහෝදරයෝ සල්ලි දෙනවයි කියලා බදු දැලෙන් පිටත ඉඳගෙන සුඛෝපභෝගී ජීවිත ගත කරමින් පස්ස තියාගෙන යන්න ඩබල් කැබ් එක විතරක් ඇති කියලා V8එකෙන් බහින ඔවුන්ට දැන් යන එනමං නෑ.

උතුරු-දකුණ මාරු වෙලා මේ ඔක්කොම එකයි කියලයි මට කියන්නට වෙලා තියන්නේ. "