ශ්‍රී ලංකාව ගැන මානව හිමිකම් වාර්තාවට යුරෝපා සංගමයේ සහාය

ශ්‍රී ලංකාව ගැන මානව හිමිකම් වාර්තාවට යුරෝපා සංගමයේ සහාය

September 10, 2024   08:03 am

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් ඉදිරිපත් කර ඇති වාර්තාව පිළිගන්නා බව යුරෝපා සංගමය පවසයි.

යුරෝපා සංගමය ඒ සම්බන්ධයෙන් සිය ස්ථාවරය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඊයේ (09) දැනුම් දී ඇති බව වාර්තා වේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 57 වන සැසිවාරය ස්විස්ටර්ලන්තයේ ජිනීවාංහිදී ඊයේ ආරම්භ වුණි.

එහිදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද වාර්තාව පිළිබඳව සාකච්ඡා වී තිබේ.

අදාළ වාර්තාව මඟින් පෙන්වා දී ඇති කරුණු පිළිගන්නා අතර ශ්‍රී ලංකාවේ ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය පිළිබඳ දැඩි අවදානයෙන් පසුවන බව යුරෝපා සංගමය එහිදී ප්‍රකාශ කර ඇත.

ඊට අමතරව අදාළ වාර්තාව සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය ද ඊයේ දිනයේ ප්‍රකාශයක් සිදුකර තිබේ.

එම වාර්තාවට අනුව මෙරට සිදුවී ඇති බව කියන මානව හිමිකම් උල්ලංඝනය වීම් සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් සිදුකළ යුතු බව එහිදී ඔවුන් ප්‍රකාශ කර ඇත.

ඊට අමතරව කැනඩාව, මලාවි, මොන්ටිනිග්‍රෝ, උතුරු මැසිඩෝනියාව, සහ අමෙරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ කණ්ඩායම ද ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වාර්තාව පිළිබඳව ප්‍රකාශයක් සිදුකර තිබේ.