ඔයාට බැරි ද ? සජිත් රනිල්ගෙන් අහයි

ඔයාට බැරි ද ? සජිත් රනිල්ගෙන් අහයි

September 10, 2024   08:17 am

මෙරට වත්මන් ජනතාව දේශපාලන ගණුදෙනුවලට නොරැවටෙන බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ, ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින් ජනතාව නොමඟ යැවීමට විවිධ කුමන්ත්‍රණ සිදුකරන බවය.

මහනුවර නගරයේ පැවති ජනරැලියකට එක්වෙමින් සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළ කළේය.

"දෙවැනි මනාප වැඩක් නෑ. පළවෙනි වටයෙන්ම සමගි ජන බලවේගය දිනවා දිනවාමයි. මේ රටේ ජනතාව ඔය දේශපාලන ඩීල්කාරයින්ගේ කුප්‍රකට ඩීල්වලට මෙදාපාර රැවටෙන්නේ නැහැ. මම අහනවා ජනාධිපතිගෙන් ඔයාට බැරිද අනුර එක්ක ගහන හොර ඩීල් වෙනුවට පාස්පෝට් දෙන්න වැඩපිළිවෙලක් සකස් කරන්න. මම පොරොන්දු වෙනවා 21 ජයග්‍රහණය සමග පාස්පෝට් පෝලිමට තුඩුදුන්න ඒ මහා හොරකම ජනතාවට හෙළිකරනවාමයි."