අතීතය මතක් කළ නාමල්

අතීතය මතක් කළ නාමල්

September 10, 2024   08:50 am

තමන් සැමවිටම ප්‍රතිපත්ති ගරුක දේශපාලනයක් ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ, රට සංවර්ධනය සදහා නිසි වැඩපිළිවෙලක් සිය පක්ෂය මඟින් හඳුන්වා දී ඇති බවය.

මූතුර් ප්‍රදේශයේ පැවති ජන රැලියකට එක්වෙමින් නාමල් රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේය.

"අපි පැහැදිලිවම ප්‍රතිපත්ති ගරුක දේශපාලන පක්ෂයක්. එදා මේ නැගෙනහිර ජනතාවගේ ජීවත්වීමේ අයිතිය ලබාදුන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා. එල්.ටී.ටී.ඊ ත්‍රස්තාවදයට කොටුවෙලා, අනාගතය පිළිබඳ බලාපොරොත්තු රහිතව වැඩිහිටියෝ ජීවත් වුණේ. නිදහස ලබාදුන්නා පමණක් නෙමෙයි අද නාවික, ගුවන් කෙන්ද්‍රස්ථානයක් බවට ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය, සේරුවාවිල පරිවර්ථනය වෙමින් පවතිනවා. අනෙක් පැත්තෙන් සංචාරක ව්‍යාපාරයට ප්‍රමුඛස්ථානයක් ලැබෙන නැගෙනහිර පළාතේ සංචාරක කේන්ද්‍රස්ථානයක් විදියට මේ ප්‍රදේශය සංවර්ධනය කළා. අපිට ඒ සැලැස්ම තිබුණා. මම නිර්මාණය කරන රාජ්‍ය තුළ සංචාරක ව්‍යාපාරය කේන්ද්‍රකර ගෙන ත්‍රිකුණාමල වරයා කේන්ද්‍ර කරගෙන සංචාරක නෞකා රැගෙන එන මධ්‍යස්ථානයක් බවට ත්‍රිකුණාමලය පරිවර්ථනය කරන්න. සියලු සංස්කෘතීන් ආරක්ෂා කරන ගමන් තරුණයින් අපේක්ෂා කරන අනාගතයක් ගොඩනගන්න අවශ්‍ය ප්‍රතිපත්ති තීන්දු අපි ගන්නවා."