සොර දෙටු දේශපාලනය අවසන් කරන්න කාලය ඇවිත්  - දිලිත්

සොර දෙටු දේශපාලනය අවසන් කරන්න කාලය ඇවිත්  - දිලිත්

September 10, 2024   06:10 pm

වසර ගණනක් ඔබව දුප්පත්කමේ ම තබාගත් සොර දෙටු දේශපාලනය අවසන් කිරීමට අවස්ථාව එළඹ ඇති බව සර්වජන ජනාධිපති ධුර අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි.

ඔහු ඒ බව පැවසුවේ අද (10) කන්තලේ පැවති ජන හමුවක් අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සර්වජන ජනාධිපති ධුර අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා,

"හොර දෙටු දේශපානය අවසන් කරන්නට... අවුරුදු ගණනක්, දශක ගණනක් ඔබව මේ දුප්පත්කමේ ම තියාගත්ත ඒ පරණ දේශපාලනය අවසන් කරන්නට ඔබට අවස්ථාවක් ලැබිලා තිබෙනවා. ඒ ඔවුන්ව තරු කරන්නට නෙමෙයි... ඒ හොරු. තරු නෙමෙයි. මේ රටේ ඔබයි තරුව, මේ රටට ආදරේ කරන දේශප්‍රේමී ඔබයි තරුව." 

"ඔබ තරු කරන වැඩපිළිවෙලයි මෙවර මේ තරුව ලෙස මම ඇවිල්ලා තියෙන්නේ. මට තරුවක් වෙන්නට නෙමෙයි. මට තරුවක් වෙන්න ඕනේ නම් වෙන්න තිබුණා. අර නාලිකාවේ හරි පෙනි සිටලා මොකක් හරි ස්ටාර් කෙනෙක් වෙන්න තිබුණා. නමුත් මට එහෙම වෙන්නට උවමනාවක් තිබුණේ නෑ. මට ඕනේ ඔබ තරුවක් වෙනවා දකින්න.  මේ රටේ දරුවන් තරු වෙන හැටි දකින්න. මේ රටේ දරුවන් ලෝකය දිදුලවන තරු වෙනවා දකින්නයි අපිට ඕනේ. මේ රටේ දරුවන් පිටරට ගිහින්... දැලි වලං හෝදන... පිඟං හෝදන අපේ මානව සම්පත රැක ගන්නයි අපිට ඕනේ."