මේ කැප් එක මං අගය කරනවා - රනිල්

මේ කැප් එක මං අගය කරනවා - රනිල්

September 10, 2024   09:54 pm

ජනතාවගේ දුප්පත්කම නැති කිරීම සඳහා තමන් සහන ලබානොදෙන බවත්, සහන ලබාදෙන්නේ ජනතාවගේ ආදායම වැඩි කිරීම සඳහා පමණක් බවත් ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

මැදවච්චියේ අද පැවති 'පුළුවන් ශ්‍රී ලංකා'' ජන රැලිය අමතමින් රනිල් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේය. 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා,

"බොහෝ දෙනෙක් මගෙන් අහනවා.. ඇයි මං මේ තොප්පිය අඳින්නේ කියලා. මං ඒ කතාව කියන්නම්. මම කිළිනොච්චි රැස්වීම ඉවර කරලා එද්දී ද්‍රවිඩ කාන්තාවක් මට මේ තොප්පිය දුන්නා. ඒක දිලා... ඔබතුමා අපිට කෑම දුන්නා කිව්වා. පොහොර දුන්නා කිව්වා. බෙහෙත් දුන්නා කිව්වා. අපිව ජීවත් කළා කිව්වා. ඒ නිසා මට මේක භාරදුන්නා. මේ දුන්න කැප් එක මං අගය කරනවා. රුපියල් ලක්ෂයකට වඩා මම මේක අගය කරනවා."

මේ අතර, බත්තරමුල්ල දියත උයන එළිමහන් රංග පීඨයේ ඊයේ රාත්‍රීයේ පැවති ප්‍රසංගයකට ද ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා එක්වුණි.