පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන්ට උපරිම දඬුවම ලබාදෙනවා - සජිත්

පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන්ට උපරිම දඬුවම ලබාදෙනවා - සජිත්

September 10, 2024   10:11 pm

සහනාධාර මතම යැපෙන සමාජයක් වෙනුවට රාජ්‍ය අනුග්‍රහය සහිතව ස්වශක්තියෙන් නැගී සිටිය හැකි සමාජයක් නිර්මාණය කිරිමට කටයුතු කරන බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඔහු තවදුරටත් පැවසුවේ පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන් ට නීතිය හමුවේ ලබාදිය හැකි උපරිම දඬුවම ලබාදෙන බවයි.

මාවතගම ප්‍රදේශයේ පැවති ජන රැලියක් අමතමින් ඔහු ඒ බව පැවසීය.

"අනුර කුමාර දිසානායකත් ලැජ්ජයි. මහ ලොකුවට සමාජ වාදය ගැන කතාකරකර රනිල් වික්‍රමසිංහත් එක්ක මේ දේශපාලන ඩීල් එක ගහන්නේ. රට ගොඩගන්න නොවෙයි. ඒගොල්ලන්ට ගොඩ එන්න. පාස්කු ප්‍රහාරයට වගකිවයුතු ත්‍රස්තවාදීන් ම්ලේච්චයන් මහමොළකරුවන් අපි අනිවාර්යෙන්ම නීතිය හමුවට ගෙන එනවා පමණක් නොවෙයි ඒ මහමොළකරුවන්ට නීතිය යටතේ ලබාදිය යුතු ලොකුම දඬුවම ලබාදෙන්න අපි අනිවාර්යෙන්ම කටයුතු කරනවා. දැන් ඉන්න අනුප්‍රාප්තික ජනපතිවරයාත් කිව්වා පාස්කු ප්‍රහාරයට ඒ සුලමුල සොයන්නට සාධාරණත්වයක් ඉෂ්ඨ කරනවයි කියලා. දැන් ඉන්න අනුප්‍රාප්තික ජනාධිපතිවරයා කලෙත් නෑ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා කලෙත් නැහැ. ඇයි සත්‍ය වසන් කළේ. අපේ රටේ ලක්ෂ 220ක් ජනතාව මගේම පවුලේ සාමාජිකයින් හැටියට සලකලා ඔබේ ප්‍රශ්නය මගේ ප්‍රශ්නය බවට පත්කරලා අනිවාර්යෙන්ම මේ රටේ ජනතාව මුහුණදෙන ප්‍රශ්නවලට උත්තර සපයනවා."