රට ගොඩනැගිය හැක්කේ තමාට පමණක් බවට සජිත්ගෙන් ප්‍රකාශයක්

රට ගොඩනැගිය හැක්කේ තමාට පමණක් බවට සජිත්ගෙන් ප්‍රකාශයක්

September 11, 2024   08:13 am

රට ගොඩනැගිය හැකි එකම බලවේගය සමගි ජන බලවේගය බව එහි ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

කුලියාපිටිය ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් සජිත් ප්‍රේමදාස මහතා මේ බව සඳහන් කළේය.

"දැන් රටේ ජනතාවට බොහෝම පැහැදිලි තීන්දුවක් තියෙන්නේ. ඒ පැහැදිලි තීන්දුව තමයි, රනිල් වික්‍රමසිංහ, අනුර කුමාර දිසානායක ජෝඩුවට කතිරේ ගහනවා ද? එහෙම නැත්නම් රට ගොඩනගන සමගි ජන බලවේගය දිනවනවා ද? ඒ තීන්දුව බොහෝම පැහැදිලියි. මං ඔබ සියලුදෙනාටම කියන්න කැමතියි එක්සිත්ව, එක්සත්ව මේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ සෑම ආසනයකම ආසන 14ම, පළාත් පාලන බලප්‍රදේශ 373ම, ප්‍රාදේශීය ලේකම් 30 ග්‍රාමසේවා වසම්, 1,610ම කුඩා ගම් නියම් ගම් 5,206ම මම ආයචනා කරනවා, ජාති ආකම් කුලමල පන්ති භේදයෙන් තොරව රට ගොඩනගන සමගි ජන බලවෙගයට මේ රට භාරදෙනවා. අනිවාර්යයෙන්ම ඔබත් රටත් ගොඩගන්නවාමයි."