තාරුණ්‍යයට දිලිත්ගෙන් අලුත් බලාපොරොත්තුවක්

තාරුණ්‍යයට දිලිත්ගෙන් අලුත් බලාපොරොත්තුවක්

September 11, 2024   09:07 am

විදේශ ගත වන තරුණ්‍ය රටේ තුළ රඳවා ගැනීම සඳහා තමා ඉදිරිපත් කළ උපායමාර්ගික වැඩපිළිවෙළ තුළ සැලැස්මක් පවතින බව සර්වජන ජනාධිපති ධුර අපේක්ෂක, ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි.

කන්තලේ ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.

"ලංකාවේ තාරුණ්‍ය හිතනවා මේකේ ඉඳලා වැඩක් නෑ කියලා අපි යන්න ඕනේ රට කියලා. අපි ඉදිරිපත් කරපු උපාය මාර්ගික වැඩපිළිවෙලට අපි හැමතිස්සේම කියන්නේ කෙටි කාලීන, මධ්‍ය කාලීන, දීර්ඝ කාලීන වැඩපිළිවෙලක්. කෙටි කාලීනව අපිට තාරුණ්‍ය රඳවා ගැනීමට අවශ්‍යයයි. ඒකට ඉක්මන් වැඩක් තියෙන්න ඕනේ. ඒකේ වැඩක් කියලා වැඩක් නෑ ළමයා යුනිවර්සිටි යනකොට හොඳ යුනිවර්සිටි එකක් හදනවා ඒ නිසා ඔයා ඉන්න කිව්වට වැඩක් නෑ. එයාට දැන් මොනවා හරි ඕනේ. ඒ අතරේ ඔවුන් පිටරට යන මුලික අවශ්‍යතා දෙකක් ඉටුකරගන්න උත්සාහ ගන්නවා. එකක් තමා වාහනයක්. දෙවැනි එක ගෙයක්. තාරුණ්‍යයට අපි කියන්නේ වාහන ආනයනය කරනවා. ඔබ උපයපු ධනයෙන් වාහනයක් ගන්න පුළුවන්. අපි මේ පිළිබඳ ගණන් හදලා, මේකෙන් රජයට අහිමි වීමට හැකි බදු ආදායමට වැඩියි මොවුන් රඳවා ගත්තොත් අපිට තියෙන වටිනාකමේ අගය එකතු කිරීම. එතකොට අපි කරන්නේ ආයෝජනයක්. ඇත්තටම මුකුත් පාඩුවක් නෑ. මෙයාලව තියා ගන්න අපි ආයෝජනය කරනවා. ඒකටත් කන්ඩිෂන් කිහිපයක් තියෙනවා. ඒවා අතරේ තමා තීරුබදු රහිත වාහන ලබාදිය යුතු බව අපි කියන්නේ. එයාලට හේතුවක් තියෙනවා අපිට සුවිශේෂි අවස්ථාවක් තියෙනවා ඒ නිසා අපි ලංකාවේ තව පොඩ්ඩක් ඉඳලා බලන්න ඕනේ අපිට චාන්ස් එකක් තියෙනවා කියලා."