සේනක බටගොඩ අභාවප්‍රාප්ත වෙයි

සේනක බටගොඩ අභාවප්‍රාප්ත වෙයි

September 11, 2024   09:27 am

ශ්‍රී ලාංකික සංගීත රසිකයින් අතර මහත් ආදරයක් දිනූ ගීත කිහිපයකම නිර්මාණකරු ලෙස ආදරය දිනා සිටි ප්‍රවීණ ගායන ශිල්පී සේනක බටගොඩ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඒ මහතා 66 වන වියේ පසුවුණි.

රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර ඒ මහතා අභාවප්‍රාප්ත වූ බව වාර්තා විය. 

සේනක බටගොඩ මහතා විසින් ගායනා කළ ගීත අතර අපි සැනසිල්ලේ, සැනසෙන්නම් මා, අනන්තයට යනවාමයි, අපි කවුරුද, හීනවලට පණක්, අළු යට ගිනි, සැනසුම, නිදි නැති රැය, එක මොහොතක සහ රස්තා ආදි ගීත රැසකි.

දැවැන්ත රසික ආකර්ෂණයක් හිමි කර ගෙන සිටි, සේනක බටගොඩ මහතා, ගැයූ ගීත 7ක් ගායනය කිරීම වළක්වාලමින් කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පසුගිය අප්‍රේල් 2 වනදා වාරණයක් ද නිකුත් කර තිබුණි.

අපි කවුරුද, අපි සැනසිල්ලේ, අළු යට ගිනි, රස්තා, හීනවලට පනක් තිබෙනවා, හොඳම දේ, සැනසෙන්නම් යන ගීත 7 ගායනය කිරීම වළක්වමින් ඔහුට එරෙහිව එලෙස වාරණ නියෝගය නිකුත් කර තිබුණි.

එම පැමිණිල්ල ජනත් කුලතිලක මහතා විසින් ගොනුකර තිබුණි.