අන්තරේ 10ට ඇප
September 11, 2024 04:34 pm
කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී පැවැති විරෝධතාවයක් අතරතුර ඊයේ (10) අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් ඇතුළු සැකකරුවන් ඇපමත මුදාහැර තිබේ.
අප වාර්තාකරු පැවසුවේ ඔහුන් 10 දෙනා එක් අයෙකුට රුපියල් ලක්ෂ පහක ශරීර ඇප මත කොටුව මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය විසින් මුදාහැරි බවයි.
මෙලෙස ඇප මත මුදා හැර ඇත්තේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත්, බොරලැස්ගමුවේ විමලානන්ද හිමි සහ සීවලී හිමි ඇතුළු සැකකරුවන් 10 දෙනෙකි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් යන අයට එරෙහිව මාළිගාකන්ද අධිකරණයේ පවරා ඇති නඩුව සඳහා මෝසමක් ගොනු කරමින් ඉදිරිපත් වන ලෙසද මහෙස්ත්‍රාත්වරිය මෙහිදී නියෝග කළාය.
ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවට එරෙහිව සහ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඉදිකිරීමට එරෙහිව ඔවුන් එම විරෝධතාවය සංවිධානය කර තිබුණි.
මැතිවරණ පනත, මංමාවත් පනත මෙන්ම පොලිස් ආඥා පනත උල්ලංඝනය කරමින් ඔවුන් මෙලෙස උද්ඝෝෂණය කරමින් පෙළපාළියක් ආකාරයෙන් ගමන් ගත් බවත් කොටුව සහ කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානාධිපතිවරුන් අධිකරණයට දැනුම්දී තිබේ.
එම උද්ඝෝෂකයින් රාජකාරි නිමවා නිවෙස් වෙත යන සේවකයන්ට අවහිර වන ලෙස සම්පූර්ණයෙන්ම පාරක් අවහිර කරමින් ගමන් ගත් බවත් රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ බවත් පොලීසිය අධිකරණයට දැන්වීය.
මෙම සැකකරුවන් කිසිදු අපේක්ෂකයෙකුට සහාය දීමක් සිදුකර නොමැති බවද අනාවරණය විය.
මැතිවරණ සමයේ විරෝධතා පෙළපාලි සඳහා කිසිදු ඉඩක් නොමැති හෙයින් ඒ බව මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරියකු එම ස්ථානයට පැමිණ දැනුම් දී තිබුණි.
නමුත් විරෝධතාකරුවන් පාගමන යෑමට සැරසීමත් සමග මංමාවත් අවහිර කරමින් සාපරාධී බලහත්කාරය පෑම මත ඔවුන්ව අත්අඩංගුවට ගත් බව පොලීසිය අධිකරණයට දන්වා සිටියේය.
මහපොළ ශිෂ්‍යාධාරය වැඩි කරන ලෙස ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන ඔවුන් උද්ඝෝෂණය කළ බව සැකකරුවන් වෙනුවෙන් ඉදිරිපත් වූ නීතිඥ මඩුල්ල අධිකරණයෙන් කළ ඉල්ලීම සහ දෙපාර්ශ්වය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය ඔවුන්ව අප මත මුදා හැරියාය.