කාන්තාවකට මරු කැඳවූ බිහිසුණු අනතුර

කාන්තාවකට මරු කැඳවූ බිහිසුණු අනතුර

September 12, 2024   10:06 am

පාදුක්ක ලියන්වල මාර්ගයේ තුත්තිරිපිටිය ප්‍රදේශයේදී සිදුවු රිය අනතුරකින් කාන්තාවක් මියගොස් තබේ.

ත්‍රීරෝද රථයක් පිටුපස බස් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.

අනතුරෙන් බරපතළ තුවාල ලැබූ ත්‍රීරෝද රථ රියදුරු සහ එහි පිටුපස අසුනේ ගමන්ගත් කාන්තාවක් පාදුක්ක රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා හෝමාගම රෝහලට ඇතුළත් කිරීමේ දී පිටුපස අසුනේ ගමන්ගත් කාන්තාව මියගොස් තිබුණි.

මියගොස් ඇත්තේ 61 හැවිරිදි පාදුක්ක ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි.

අනතුරෙන් බස් රථයේ රියදුරු ද තුවාල ලබා පාදුක්ක රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය වැඩිදුරටත් සදහන් කළේය.