පේරු හි හිටපු ජනාධිපති ෆුජිමෝරි මියයයි 

පේරු හි හිටපු ජනාධිපති ෆුජිමෝරි මියයයි 

September 12, 2024   10:23 am

පේරු රාජ්‍යයේ හිටපු ජනාධිපති ඇල්බර්ටෝ ෆුජිමෝරි මියගිය බව ඔහුගේ දියණිය නිවේදනය කර තිබේ.

ඒ වනවිට ඔහු 86 හැවිරිදි වියේ පසුවිය.

ඔහු 1990 සිට 2000 දක්වා පේරු රාජ්‍යය පාලනය කළ අතර එම කාලයේදී මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ වංචා දූෂණ සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා එල්ලවිය.

විශේෂයෙන්ම පේරු රාජ්‍යය තුළ මතුවෙමින් පැවති "ෂයිනින් පාත්" ගරිල්ලා සංවිධානය මර්ධනය කිරීමට ඔහු දැඩි හමුදා බලය පාවිච්චි කළේය. 

ඔහුව බලයෙන් පහ කෙරුණේ ඔහුට එරෙහිව එල්ලවූ චෝදනා වල ප්‍රතිඵලයක් වශයෙනි.

පසුව ඔහු ජපානයට පැනගිය අතර 2005 වසරේදී ෆුජිමෝරි ව චිලි රාජ්‍යයේ දී අත්අඩංගුවට ගැනුණි.

අනතුරුව ඔහුට එරෙහිව නඩු විභාගයක් පවත්වා වසර 25කට ඔහුව බන්ධනාගාර ගත කළේය.

පසුගිය දෙසැම්බර් මාසයේදී ඔහුව බන්ධනාගාරයෙන් නිදහස් කළේ වසර 15කට පසුවය.