කෙහෙළියව කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කරයි

කෙහෙළියව කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කරයි

September 12, 2024   05:03 pm

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය මගින් ඊයේ (11) දින ඇපමත මුදා හරින ලද හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාව බන්ධනාගාර නිලධාරීන් විසින් අද (12) කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කළේය. 
 
ඒ, අල්ලස් කොමිසම විසින් කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩු දෙකකට අදාළවය.
 
එහිදී ඔක්තෝබර් මස 03 වනදා සහ 25 වනදා මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට නියෝග කර ඇත.