වෙලේ සුදාගේ සිරකුටියේ ජංගම දුරකථනයක්

වෙලේ සුදාගේ සිරකුටියේ ජංගම දුරකථනයක්

September 13, 2024   09:40 am

බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ සිදුකළ හදිසි පරීක්ෂාවකදී වෙලේ සුදා නොහොත් සමන්ත කුමාර රඳවා තිබූ සිරකුටියේ තිබී ස්මාර්ට් ජංගම දුරකථනයක් සොයාගෙන ඇත.

පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් ඊයේ (12) මෙම සෝදිසි කිරීම සිදුකර තිබුණි.

වෙලේ සුදා රඳවා සිටින විශේෂ අංශයේ A කොටසේ අංක 38 සිරමැදිරිය තුළ තිබී මෙම දුරකථනය සොයාගෙන ඇත.

කෙසේ වෙතත් මෙය සිම්පත් රහිත ජංගම දුරකථනයක් වන අතර, මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා එය විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් බන්ධනාගාර පාලනාධිකාරිය වෙත භාරදී ඇත.