කළ පුරුද්දෙන් ඉදිරියටත් රට සංවර්ධනය කරනවා - නාමල්

කළ පුරුද්දෙන් ඉදිරියටත් රට සංවර්ධනය කරනවා - නාමල්

September 13, 2024   03:32 pm

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සංවිධාන කළ ආසන රැස්වීමක් ඊයේ (12) පස්වරුවේ මිහින්තලේදී පැවැත්වුණි.

එහිදී අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ මහතා පැවසුවේ රට සංවර්ධනය කළ පළපුරුද්දෙන් ඉදිරියටද රට සංවර්ධනය කිරීමේ හැකියාව සිය පාර්ශ්වය සතුව ඇති බවයි. 

"ඊළඟ අවුරුදු 10 ඇතුළත අපේ ආර්ථිකය ඩොලර් බිලියන 180කට ඉක්ම වූ ආර්ථිකයක් දක්වා මේ රට පරිවර්ථනය කරනවායි කියන එක අපි ඔබ තමුන්නාන්සේලාට වගකීමකින් කියනවා.

අභියෝග කරන්න පුළුවන්, පුළුවන් ද බැරිද කියලා අහන්න පුළුවන්, වැඩ බැරි අයට බැහැ, කලින් වැඩ කරලා නැති අයට කරන්න බෑ. කලින් ගම හදලා නැති අයට කරන්න බෑ. 

හැබැයි වැඩ කරන්න පුළුවන් අපිට කරන්න විතරක් නෙමෙයි අපි වැඩ කරලා පෙන්නනවා කියන එකත් අපි ඔබ තමුන්නාන්සේලාට වගකීමකින් ප්‍රකාශ කරනවා.
 
අපි වැඩ කරලා තියනවා, අපි දන්නවා වැඩ කරන විදිහ ඒ නිසා අපි එකතුවෙමු. අපි දේශපාලන වේදිකාවේ බැනගෙන වැඩක් නැහැ."