සීතා රාජ්‍ය ඇමති ධුරයේ දිවුරුම් දෙයි
September 13, 2024 03:43 pm
කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ධුරයට පත් කෙරුණු විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය එම ධුරයේ දිවුරුම් දී තිබේ.
අද (13) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ ඇය දිවුරුම් දුන්නාය.
සීතා අරඹේපොල මහත්මිය කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ධුරයට පත් කර ඇත්තේ ඇය මෙතෙක් දැරූ සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය ධුරයට අමතරවය.
දිවුරුම් දීමේ අවස්ථාවට ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ද එක්ව සිටියේය.