අනුර දුන් පොරොන්දුව  

අනුර දුන් පොරොන්දුව  

September 13, 2024   04:41 pm

ජාතික ජනබලවේගය පවත්වන ජනරැලි මාලාවේ තවත් රැලියක් ඊයේ (12) රාත්‍රියේ අම්බලන්තොටදී පැවැත්වුණි. 

ඒ එම පක්ෂයේ ජනාධිපතිධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙනි.

එහිදි අදහස් දක්වමින් ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පැවසුවේ ජාතික ජන බලවේගය යනු සංස්කෘතික වටිනාකම් අනාගත පරපුර වෙනුවෙන් ආරක්ෂාකරන ව්‍යාපාරයක් බවයි. 

"තිස්ස අත්තනායක කියනවා අපි ආපුවාම නුවර පෙරහැර නතර කරනවාලු. හැබැයි මේවා කියන්නේ නිදන් කඩපු නායකයෝ ඉන්න වේදිකාවට නැගලා. බුදුරජාණන්වහන්සේගේ පිළිමයේ පපුකුහරය හාරලා නිදන් හොයපු අය තමයි මේවා කියන්නේ.  තැන තැන ගිහිල්ලා දුටුගැමුණු රජ්ජුරුවන්ගේ කඩුව හොයන්න වෙහෙර විහාරස්ථාන විනාශ කරපු අය තමයි මේවා කියන්නේ. ඒ විතරක්ද ප්‍රසිද්ධ චිත්‍රයක් තිබුණා මුල්කිරිගල චිත්‍රය. ඔය මුල්කිරිගල චිත්‍රය හොරකම් කරපු ප්‍රේමදාසලා ජාතිය ආගම ගැන කතා කරන්න ඇවිල්ලා තියනවා. ඒ නිසා ජාතික ජන බලවේගය අපේ ශිෂ්ටාචාරයටත් අපේ සංස්කෘතීන්, ආරක්ෂා කරලා අනාගත පරම්පරාව වෙනුවෙන් රැකබලාගැනීම සඳහා මැදිහත් වෙන දේශපාලන ව්‍යාපාරයක්. ඒ නිසා අපි කියනවා සජිත් ප්‍රේමදාසට ඔය තුට්ටුදෙකේ දේශපාලනය නතර කරන්න."