2025දී අපනයන ආර්ථිකයක් - රනිල්

2025දී අපනයන ආර්ථිකයක් - රනිල්

September 14, 2024   09:42 pm

ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාගේ ''පුළුවන් ශ්‍රී ලංකා'' සංකල්පය බලගැන්වීමේ අරමුණින් සංවිධාන කළ තවත් ජන රැලියක් මාතලේ නගරයේදී අද (14) පැවැත්වුණි.

එහිදී අදහස් දක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ ලබන වසරේදී අපනයන ආර්ථිකයන් ඇති කරමින් රට තවත් දියුණු කිරීමට පියවර ගන්නා බවය.

එහිදි අදහස් දැක්වූ ජනාධිපතිවරයා,

"දැන් මුදල් තියන නිසා වාහන ආනයන කරන තහනම ඉවත් කරනවා. දැන් අලුතින් මොටර් බයිසිකයලක් ගන්න පුළුවන්. එන අවුරුද්දේ තවත් දියුණු කරනවා. අපනයන ආර්ථිකයක් ඇති කරනවා."