කෝටි දෙකක දුම්වැටි තොගයක් කටුනායකදී අල්ලයි

කෝටි දෙකක දුම්වැටි තොගයක් කටුනායකදී අල්ලයි

September 15, 2024   12:02 pm

රුපියල් කෝටි දෙකක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් සහ විද්‍යුත් දුම්වැටි නැවත පිරවීම සඳහා භාවිත කරන රසායනික ද්‍රව්‍ය තොගයක් කටුනායක ගුවන්තොටුපොළේදී රේගු භාරයට ගෙන තිබේ.

එම ද්‍රව්‍ය මෙරටට රැගෙන ආ ගුවන් මගියෙකුද කටුනායක ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.

සැකකරු කොළඹ - 13 ප්‍රදේශයේ පදිංචි අයෙක් බව පොලීසිය සඳහන් කළේය.

අදාළ පුද්ගලයා ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණි.

ඔහු විසින් රැගෙන ආ ගුවන් මලු තුළ දුම්වැටි 120,400ක් අඩංගු දුම්වැටි කාටූන් 602ක් සඟවා ගෙන පැමිණ සිටියදී, කටුනායක ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් විසින් මෙලෙස සොයා ගෙන තිබේ.