මියන්මාරයේ මියගිය පිරිස තවත් ඉහළ යයි

මියන්මාරයේ මියගිය පිරිස තවත් ඉහළ යයි

September 17, 2024   12:06 pm

'යාගී' සුළි කුණාටුවේ බලපෑමෙන් මියන්මාරයේ මියගිය පිරිස 200 ඉක්මවා ගොස් තිබේ.

ඒ අනුව පුද්ගලයින් 226 දෙනෙකු කුණාටුවේ බලපෑමෙන් සිදුවූ අනතුරුවලින් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වී තිබේ.

තවත් පුද්ගලයින් 80 දෙනෙකු පමණ අතුරුදන්ව ඇත.

යාගී සුළි කුණාටුව වියට්නාමය, තායිලන්තය, ලාඔසය හරහා ද හමාගිය අතර ඉන් සිදුවූ අනතුරු වලින් පුද්ගලයින් 500කට අධික පිරිසක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.