අපිට ඕනේ ඔබ පැතූ ඒ වෙනස ලබාදෙන්න - දිලිත්

අපිට ඕනේ ඔබ පැතූ ඒ වෙනස ලබාදෙන්න - දිලිත්

September 17, 2024   03:47 pm

ජනතාව ප්‍රාර්ථනා කළ වෙනස ඇති කිරීම සඳහා මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගන්නැයි සර්වජන අපේක්ෂක දිලිත් ජයවීර මහතා පැවසීය.

යටියන්තොට ජන රැලියට එක්වෙමින් ඔහු ඒ බව අද (17)  පැවසීය.

"මේ රටේ දූෂිත දේශපාලනය අවසන් විය යුතුයි. මේ රටේ අහිංසක ජනතාවට තවදුරටත් දුක් දෙන්න බැහැ. ඒ වෙනුවෙන් ඔබ ඉල්ලුවා වෙනසක්. ඒ නිසා ඔබ කිව්වා 225ම එපා කියලා."

"අපි දේශපාලකයින්ට උදව් කළේ කවදා හරි මේ රට හදාගන්න පුළුවන් කියලා. නමුත් ඔවුන් දිගින් දිගටම අපිව පාවා දුන්නා."

"මම දේශපාලනයට ආවේ වත්කම් ප්‍රකාශයක් දීලා. අනෙක් අපේක්ෂකයොත් වත්කම් ප්‍රකාශ දීලා තියෙනවා. පළවෙනි තුන්දෙනාටම රුපියල් ලක්ෂ 2ටත් අඩුයි ආදායම' ලක්ෂ 2යි තුනයි. අන්තිම දුක්ඛිත තත්ත්වයක්."   

"අපි මේ අලුත් දේශපාලනය කරන්නේ අපි කියන හැම වචනයේම වගකීම අරගෙන. ඔබ ඒ පැතූ ශ්‍රී ලංකාව නිර්මාණය වෙන ආකාරය අපේ උපාය මාර්ගික වැඩපිළිවෙළ තුළ සඳහන් කර තිබෙනවා. ඒකට විරුද්ධව අද කාටවත් කිසිම වචනයක් කියන්න බැහැ." 

"ඒ නිසා මේ රටට ආදරය කරන ශ්‍රී ලාංකිකයින් එකතු කරගෙන අපි ආරම්භ කළා ගමනක්. අපිට ඕන ඔබ පැතූ ඒ වෙනස ලබාදෙන්නට."

"මේ රට හැරයන තරුණයින්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙන වැඩපිළිවෙළක් අප සතුයි." 

"සියලු අපේක්ෂකයන්ට ආරාධනා කළ පොදු වේදිකාවට කවුරුත් ආවේ නැහැ. මම මගේ රැස්වීම් අවලංගු කරලා හරියටම 3ට ගිහින් වාඩි වුණා. සජිත් ආවෙත් නැහැ. අනුර ආවෙත් නැහැ. නාමල් ආවෙත් නැහැ.  මට පස්සේ ආරංචි වුණා.. ඒ තුන්දෙනාම කෝපි කඩයක කෝපි බිබී හිටියා කියලා. ළඟ කැරකි කැරකි ඉන්නවා... එයා ආවොත් මෙයා එනවා.. මෙයා ආවොත් අරයා එනවා කියලා."