පාකිස්තානයෙත් දැවැන්ත විරෝධයක් ඇරඹෙන ලකුණු

පාකිස්තානයෙත් දැවැන්ත විරෝධයක් ඇරඹෙන ලකුණු

September 17, 2024   04:17 pm

පාකිස්තාන රුපියල් දහසකට වැඩි මාසික ගාස්තුවක් අය කරන  පෞද්ගලික පාසල් සඳහා එරට රජය විසින් යෝජනා කර ඇති  බදු පැනවීමට එරෙහිව පාකිස්තානය පුරා පෞද්ගලික අධ්‍යාපන ආයතන විරෝධය පළ කරමින් තිබේ.

බද්ද ක්‍රියාත්මක කළහොත් රටපුරා විරෝධතා පවත්වන බවට ආණ්ඩුවට අනතුරු අඟවා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පෞද්ගලික පාසල් නියෝජිතයින් පෙන්වා දෙන්නේ එවැනි බද්දක් ක්‍රියාත්මක කිරීමෙන් සාමාන්‍ය ජනතාවට අධ්‍යාපනය දැරිය නොහැකි වනු ඇති බවය.